Press "Enter" to skip to content

සුපර් ලීග් පාපන්දු තරග මාලාවේ පෙරහුරු වටයේදී අප්කන්ට්‍රි ලයන්ස්ට ගෝල 4-2 ක ජයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සුපර් ලීග් පාපන්දු තරග මාලාවේ පෙරහුරු වටය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පෙරහුරු වටයේ සී හෝක්ස් කණ්ඩායම (නාවික හමුදාව) ගෝල 4-2 ක් ලෙසින් පරාජය කිරිමට අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයෝ සමත් වුණා.

මෙහිදී කවිඳු ඉෂාන් ගෝල තරගයේ 25 වැනි විනාඩියේදී පළමු ගෝලය ලබාගත්තා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවේදී අප්කන්ට්‍රි ලයන්ස් පිල ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමගින් සී හෝක්ස් පිලේ එම්. කනෙෂිරෝ ලබාගත් ගෝලය හේතුවෙන් තරගය 1-1 ක් ලෙසින් සම වුණා

කෙසේ වෙතත් එම තත්ත්වය පැවැතියේ තවත් විනාඩියක් පමණයි.

58 වැනි විනාඩියේදී අප්කන්ට්‍රි ලයන්ස් පිල වෙනුවෙන් ඒ. සී. වික්‍රමසිංහ ගෝලයක් ලබාගත් හෙයින් 2-1 ක් ලෙසින් කඳුරට පිල පෙරමුණට පැමිණියා.

තරගයේ 82 වැනි විනාඩියේදී ධනුෂ්ක මධුශංක ලබාගත් ගෝලයත් සමගින් නැවත වරක් තරගය සමකිරීමට සී හෝක්ස් පිල සමත් වුණා.

නමුත් විනාඩි 3 කට පසුව අප්කන්ට්‍රි ලයන්ස් පිලේ එම්. නිදර්ශන් ගෝලයක් ලබාගනිමින් නැවත වරක් 3-2 ක් ලෙසින් තම පිල ඉදිරියට කැඳවාගෙන ආවා.

අතිරේක කාලයේදී කවිඳු ඊෂාන් ලබාගත් දෙවැනි ගෝලය හේතුවෙන් කිසිදු අපහසුතාවකින් තොරවම සී හෝක්ස් පිල පරදවා 4-2 ක ජයක් ලබාගැනීමට අප්කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයෝ සමත්කම් දැක්වූවා.(Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *