Press "Enter" to skip to content

මෙවර IPL තරගාවලියේ නීතිරීති කිහිපයක් වෙනස් වෙයි

IPL තරගාවලියේ 14වන අදියර අප්‍රේල් මස 9වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේදී නීති රීති කිහිපයක් වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම නියමිත පන්දුවාර විස්ස, මිනිත්තු 90ක කාලයක් තුළදී යවා නිමකළ යුතු වෙනවා.

කෙටි විවේක සදහා වැයවන මිනිත්තු 5ද මෙම කාලසීමාවටම ඇතුළත් කර ඇති අතර පන්දුවාරයක් මිනිත්තු 4 තත්පර 15ක් තුළදී යැවිය යුතුයි.

මීට පෙර තරගාවලීන්හිදී 20වන පන්දුවාරය යැවීම 90වන මිනිත්තුවේදී හෝ ඉන් පෙර ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.

එමෙන්ම තරගයකදී ලකුණු සමවුවහොත් යොමුකරන සුපිරි පන්දුවාරය පැයක පමණ කාලයක් දක්වා ක්‍රීඩා කිරීමේ හැකියාවද සැලසුණා.

මේ අතර මෙවර IPL තරගාවලියේදී soft signal නීතිය සංශෝධනය කිරීමටද ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව උඩපන්දු රැකගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ තෙවන විනිසුරු වෙතයි.

මේ වන විට භාවිතා කරන නීතියෙහි ඇත්තේ, තෙවන විනිසුරු වරයාගේ සහය අවශ්‍ය නම් පිටියේ විනිසුරුවන් දෙදෙනාම සාකච්ඡා කොට එය තෙවන විනිසුරු වෙත යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් IPL තරගාවලියේදී තෙවන විනිසුරුගෙන් තීරණ විමසීමේ අයිතිය පන්දු යවන්නාගේ අන්තයෙහි විනිසුරුට පමණක් හිමි වනවා.

මෙවර තරග වාරයේදී Umpires Call’s සංකල්පයෙහි කිසිදු වෙනසක් සිදු නොවන නමුත් කෙටි ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් තෙවන විනිසුරු විසින් පිටියේ විනිසුරුවරුන්ට දැනුම් දෙනු ලබනවා.

එමෙන්ම නිපන්දු සම්බන්ධයෙන් වන තෙවන විනිසුරුගේ තීරණය බලපැවැත්වෙනවා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *