ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයට ද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෙවර IPL තරගාවලිය නව අවදානමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර සමාරම්භක IPL තරගය අප්‍රේල් 9 වනදා චෙන්නායි නුවර පැවැත්වුණ ද, අප්‍රේල් 10 වනදා වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, පසුගිය වසරේ අනුශූරයන් වූ දිල්ලි කැපිටල්ස් සහ තුන්වරක් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතරයි.
එමෙන්ම, අයි. පී.එල් තරගාවලියේ තරග 10 කට සත්කාරකත්වය දක්වන්නේ මුම්බායි – වන්කඩේ ක්‍රීඩාංගනයයි. (Daily Sports)
Be First to Comment