කංචන ජයරත්න ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.
ඊට අදාළ නිලවරණය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි පැවැත්වුණා.
එහිදී කෑගල්ල වොලිබෝල් සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය සහ ඇහැලියගොඩ වොලිබෝල් සංගමය නියෝජනය කරමින් කංචන ජයරත්න නාමයෝජනා භාරදී තිබුණා.
නමුත් රංජිත් සියඹලාපිටිය නාමයෝජනා පත්‍රය ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් කංචන ජයරත්න තේරී පත්වුණා. (Daily Sports)
Be First to Comment