Galle Gladiators කණ්ඩායමට ඊයේ දිනයේ දඩයක් නියමකර තිබෙනවා.
ඒ තරඟ තීරක වෙන්ඩෙල් ලැබ්රෝයි මහතා විසින්.
Dambulla Viiking කණ්ඩායම සමඟ පැවැති LPL තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන් මෙම දඩය නියම කර තිබෙනවා.
භානුක රාජක්ෂගේ නායකත්වයෙන් යුත් ගාලු කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.
ඒ අනුව සියලු ක්රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා තිබෙනවා.
නායක භානුක රාජපක්ෂ වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.
Be First to Comment