Press "Enter" to skip to content

LPL පළමු අවසන් පූර්ව තරගය අද

LPL තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කලම්බු කිංග්ස් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

මෙහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ සඳහන් කළේ අවසන් පූර්ව වටයට පිවිසීම අභියෝගයක් වූ බවත්, ජයග්‍රහණය කිරීමට තවත් තරග 4 ක් තිබෙන බවත්ය.

මේ අතර කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ලෝරි එවන්ස් සහ කේස් අහමඩ් ඉහළ දායකත්වයක් දැක්වූ බවයි.

එමෙන්ම මෙතෙක් තමාට පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකිවීම පිළිබඳව කණගාටු වන බව ද ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් කියා සිටියා.

අද තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී රාත්‍රි 7.00 ආරම්භවීමට නියමිතයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *