Press "Enter" to skip to content

ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් බව ජාතික ඔලිම්පික් කමිටුව කියයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට එක්වීමට සැලසුම් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් සහභාගී කරවන බවට ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සඳහන් කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ නමුත්, සමාජ මාධ්‍යවල පළ වී තිබූ රුපියල් මිලියන 22ක මුදල නිවැරදි බව නිවේදනයේ සඳහන්.

එම මුදල් ලබා දෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ජාතික ඔලිම්පික් කමිටුව ඉන් 41.4 %ක් හෙවත් රුපියල් ලක්ෂ 92 ක් තම ආයතනය මගින් ලබා දෙන බවට පවසනවා.

මේ අතර ඉතිරි 58.7 % හෙවත් රුපියල් ලක්ෂ 129 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බව ද එහි සඳහන් වනවා.

එම ලක්ෂ 129න් 43% ක ප්‍රතිශතයක් එනම් ලක්ෂ 57 ක් කොවිඩ් තත්ත්වය මත සිදුවන වියදම්, ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන් සහ මාධ්‍යවේදීන් 6 දෙනෙක්, ප්‍රභූන් සඳහා වූ නවාතැන් පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

තුරග තරග සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවගේ අශ්වයාගේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක් ද ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා සහභාගී වන ක්‍රීඩිකාවගේ උපකරණ ප්‍රවාහනය සඳහා වෙන් කෙරුණු ලක්ෂ 4 ක මුදලක් ද ඊට ඇතුළත්. (dailysports.lk)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *