Press "Enter" to skip to content

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරිමට ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

53 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.

පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයට අනුයක්තව සේවය කළා. (dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *