ඊයේ පැවති දෙවන් අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකිං පිල පරාජය කර ජැෆ්නා ස්ටැලියන්ස් පිල ජයග්‍රහණය කිරීමට සමත්වුණා.
මෙම තරඟයේදී කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකිං පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
මෙහිදී කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස් ලකුණු 76ක් රැස් කර ගත් අතර වනිඳු හසරංග ලකුණු 15 කට කඩුළු 03 ක් බිඳ දැමීමට සමත්වුණා.
ඔවුන් සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 09 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 165 ක්.
නමුත් දඹුල්ල වයිකිං පිලට පන්දුවාර 19 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි.
ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
Be First to Comment