Press "Enter" to skip to content

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්

මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෙදර්ලන්ත ජාතික සිෆාන් හසන් සමත් වී තිබෙනවා.

ඒ විනාඩි 29යි තත්පර 6. 8 යි දෙකක දක්ෂතාවක් වාර්තා කරමින්.

28 හැවිරිදි සිෆාන් හසන් ඉතියෝපියාවේ උපත ලබා පසුව නෙදර්ලන්තට සංක්‍රමණය වූ ක්‍රීඩිකාවක්.

නෙදර්ලන්තයේ ඊයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී සිෆාන් හසන් මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තා.

ඇය විසින් මෙලෙස බිද දැමුවේ 2016 රියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී ඉතියෝපියාවේ අල්මාස් අයානා විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

අල්මාස් අයානා විනාඩි 29 යි තත්පර 17.45ක දක්ෂතාවක් වාර්තා කරමින් මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවා. (dailysports.lk)

Sifan Hassan sets new women's 10,000m world record - France 24
Sifan Hassan smashes women's 10,000m record by 10 seconds in super spikes |  Athletics | The Guardian
More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *