Press "Enter" to skip to content

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළධාරීන් අතර ගැටුම් තව දුරටත්

ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගිවිසුම් අත්සන් නොකිරීමට ගත් තීරණය පිලිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර අද උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේදී හමුවක් පැවැත් වුණා.

එංගලන්ත සංචාරය සඳහා හෙට දිනයේ පිටත්ව යාමට නියමිත වුවත් තවමත් ඒ සම්බන්ධව විසඳුමකට පැමිණ නැහැ.
නව ගිවිසුම් වල තිබෙන පැහැදිලි බව අඩුවීම නිසා අත්සන් කිරීම ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබුණත් ඔවුන්ගේ ගෙවීමකින් තොරව තරගාවලියට ක්‍රීඩා කිරීමත්, නීති මාලාවට සහ ICC ප්‍රකාශයට අත්සන් කිරීමටත් එකඟ වී තිබුණා.

මෙම සංවාදය අතර තුර උණුසුම් තත්වයක් ඇති වූ අතර ගිවිසුම් අත්සන් කිරීමට එකඟ නොවුණ හොත් ක්‍රීඩා කිරීම වසර තුනකට අත් හිටුවීමට සූදානම් බවත් මේ සම්න්බන්දව තීරනයක් ගැනීමට අද සවස වනතුරු කාලය ලබා දී ඇති බවත් සඳහන් වනවා.(dailysports.lk)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *