Press "Enter" to skip to content

සිංහයින් කණ්ඩායම එංගලන්තයට පිටත්වෙයි 📷

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ඊයේ ලබාදුන්නා.

මෙහිදී එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් පෙරේරා නම්කර තිබිම විශේෂත්වයක් වනවා.

ඒ අනුව අද (09) උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගියා.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හීදී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත තරඟ සංචාරය කරන ක්‍රීඩකයින් 24ගෙන් සමන්විත සංචිතය පහතින්…(colombotimes.lk)

Image
Image
Image
Image
Image

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *