Press "Enter" to skip to content

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට

එක්දින ක්‍රිකට් තරග 03 කට සහ පන්දුවාර 20 තරග 03 කට සහභාගීවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණිමට නියමිතයි.

මෙම සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ශිකර් ධවාන් කටයුතු කරනු ඇති.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට මෙරටට පැමිනුණේ 2018 වසරේ මාර්තු මාසයේදී. ඒ නිදහස් කුසලානයට සහභාගී වීමට.

ජෛව බුබුලු සංකල්පය යටතේ ලබන 28 වනදා සිට ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදුවනු ඇති.

සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු එක්දින තරගය ජූලි 13 වනදා සහ පළමු පන්දුවාර 20 තරගය ජූලි 21 වනදාද පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.

ජූලි 26 වනදා ඉන්දීය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යනවා. (dailysports.lk)

Tour Schedule
DATE ACTIVITIES VENUE TIME
28th June, 2021 India Team Arrives in Sri Lanka

13th July 2021 1st ODI RPICS, Colombo Day Night
16th July 2021 2nd ODI RPICS, Colombo Day Night
18th July 2021 3rd ODI RPICS, Colombo Day Night

21st July 2021 01st T20i RPICs, Colombo Night
23rd July 2021 02nd T20i RPICS, Colombo Night
25th July 2021 03rd T20i RPICS, Colombo Night

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *