LPL පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්රී 7ට හම්බන්තොටදී අද පැවැත් වීමට නියමිතයි.
ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බො කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසියේ දඹුල්ල වයිකිංග් කන්ඩායමට එරෙහි තරගය ලකුණු 37කින් ජය හිමි කරගනිමින්.
තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්රී 7ට ආරම්භ වීමට නියමිතයි.
Be First to Comment