Press "Enter" to skip to content

දකුණ පරදා උතුර LPLකුසලානය තමන් සතුකර ගනීයි

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගාවලියේ ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඉනිම ආරම්භ කළ ජොන්සන් චාල්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට වේගවත් ලකුණු 44ක් එක් කළා.

එම සබඳතාව බිදහෙළුවේ චාල්ස් ලකුණු 26කට දවා ගත් ධනංජය ලක්ෂාන්.

පසුව පිටියට පිවිසි චරිත් අසලංක ලකුණු 10කට දැවී යද්දී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 27කට සීමා වුණා.

ජැෆ්නා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 70ක් තුළ බිදවැටී තිබියදී පිටියට එක්වූ ෂොයිබ් මලික් සහ ධනංජය ද සිල්වා සිව්වැනි කඩුල්ලට ලකුණු 69ක් ලබා ගනිමින් එම ඉනිම ගොඩනැගුවා.

මෙහිදී ධනංජය ද සිල්වා ලකුණු 33ක් සහ ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස්කළා.

අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක තිසර පෙරේරා පන්දු 14කින් නොදැවී ලකුණු 39ක් රැස් කිරීමට සමත්වුණා.

මේ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 188ක්.

මෙහිදී ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් බිදහෙළුවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 7ක් තුළ බිදහෙලන්නට ජැෆ්නා ස්ටැලියන්ස් සමත්වුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *