ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ (LPL) තවත් තරගයක් Colombo Kings කණ්ඩායමට ලකුණු 34ක ජයක් හිමිකර දෙමින් ඊයේ (29) නිමාවට පත්වුණා.
එහි දී Galle Gladiators කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක නිරත වූ Andre Russellගේ ඉනිම තරගයේ වැඩි අවධානය දිනා ගත් ඉනිම බවට පත්වූ අතර ඒ දැවැන්ත ප්රහාරය නිසාවෙන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට ඔහුට හැකි වුණා.
කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක Shahid Afridi පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළ අතර ඒ අනුව Colombo Kings වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි Andre Russell සහ තික්ෂිල ද සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ඒ සියල්ලම වාර්තා වූයේ Russellගේ අන්තයෙන් වීම විශේෂත්වයක් වනවා.
පන්දුවාර 5 පුරාවටම කඩුල්ලේ රැඳී සිටිමින් ක්රීඩා කළ Russell 4 පහර 9ක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 19ක දී නොදැවී ලකුණු 65*ක් ලබා ගත්තේ Colombo Kings ලකුණු සටහන 96/1ක් දක්වා රැගෙන යමින් .
එය දැනට ක්රියාත්මක වූ පන්දුවාර 5ක විස්සයි විස්ස ක්රිකට් තරගයක කණ්ඩායමක් වාර්තා කරගත් වැඩිම ලකුණු ප්රමාණය වන අතර Russellගේ අර්ධ ශතකය දැනට විස්සයි විස්ස ක්රිකට් පිටියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතක අතර 5 වැනි තැනට පත්වුණා.
තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය තික්ෂිල ප්රනාන්දුගේ කඩුල්ල අසිත ප්රනාන්දුගේ නමට ඉදිරියෙන් සටහන් වෙද්දී, Laurie Evans පන්දු 10ක් තුල නොදැවී ලකුණු 21*ක් වාර්තා කළා.

Hey there I am so thrilled I found your webpage, I really found you
by accident, while I was looking on Aol for something else, Regardless I am
here now and would just like to say thanks for a incredible post and a all round enjoyable blog (I also love
the theme/design), I don’t have time to read through it all at the minute
but I have book-marked it and also added your RSS feeds, so when I have time I will be back to read a great
deal more, Please do keep up the fantastic jo.