ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.
දකුණු අප්‍රිකානු පිළට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 67 කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කිරීමට ඒඩ්න් මාක්රම් සහ ඩීන් එල්ගා(ර්) සමත්කම් දැක්වූවා. ව
කඩුලු 4කට ලකුණු 150ක් සහිතව සිය දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) දිවා භෝජනයට පෙර ලකුණු 211කට දැවී ගියා.
දිමුත් කරුණාරත්න 103යි.
පන්දු යැවීමේදී ලුන්ගි එන්ගීඩි ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේය. ලුතෝ සිපම්ලා ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තා.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 157ක් රැස්කළ අතර සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා ලකුණු 302ක් රැස්කළා.
ඒ අනුව තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
Be First to Comment