කොවිඩ් 19 වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත් වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසනවා.
අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළා.
කෙසේවෙතත් බස්නාහිර පළාත ඇතුලුව හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ළමුන් කිසිඳු ආකාරයකින් ක්‍රීඩා තරග සදහා සම්බන්ධ නොකර ගත යුතු බව ද එහිදී පෙන්වා දී තිබෙනවා.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මළල ක්‍රිඩා පැවැත්වීමේ ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ අතර, කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරඟාවලි පැවැත්වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම කාලෝචිත බවයි සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.
Be First to Comment