මෙම වසර තුළ ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩකයින්ට විදෙස් රටවල්වල සංවිධාන කරන කිසිදු තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, මෙම වසරේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට තරගාවලි රැසකට මුහුණදීමට සිදුවීම හේතුවෙන්.
එහිදී කී‍්‍රඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව ඉදිරි තරගවලට අතිශය වැදගත් වන බැවින් මෙවැනි තීරණය ගත් බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම මාසයේදී එංගලන්ත පිල සමඟ ටෙස්ට් තරග දෙකකට කී‍්‍රඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්පසුව ලබන මාසයේදි ශී‍්‍ර ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගිවීමට නියමිතයි.
එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ලබන අපේ‍්‍රල් මාසයේදී ටෙස්ට් තරග 3 ක් සදහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
අනතුරුව මැයි මාසයේදී අයර්ලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙන අතර ඔවුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකට එක් වනවා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි මාසයේදී බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
පසුව ආසියානු කුසලානය ජූනි මාසයේදී පැවැත්වෙන අතර ඊට ශී‍්‍ර ලංකාව සත්කාරකත්වය ලබාදෙනවා.
ජූලි මාසයේ එංගලන්ත තරග සංචාරයකට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී එක්දින තරග 3කට එක්වෙනවා.
පසුව පන්දුවාර විස්ස තරග 3කට සහභාගිවීම සඳහා ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණිමට නියමිතයි.
Be First to Comment