ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඊයේ එළිදැක්වුණා.
ඒ, පාකිස්ථාන නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟයි.
ඉතිහාසයේ පළමු වරට ජගත් ටෙස්ට් කන්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන ස්ථානයට පත් කරමින්.
නවසීලන්තයට ප්‍රසාද ලකුණු 118 ක් හිමිව තිබෙන අතර, ඕස්ට්‍රේලියාව එහි දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 116 ක් ලබාගනිමින්.
තුන්වන ස්ථානය ඉන්දියාවටත්, සිව්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ජයගත් දකුණු අප්‍රිකාව පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
ඒ සමඟම ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායම් අතර පසුවන්නේ 6 වන ස්ථානයේයි.
ඔවුන්ට හිමිව තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 ක්.
Be First to Comment