අකිල ධනංජය වෙත පනවා තිබු ජාත්‍යන්තර තරඟ තහනම ICC ය විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවයි ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
මේ හේතුවෙන් ඔහුට ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය සඳහන් කළේ.
නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූ අතර ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි.
2019 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ධනංජයට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම වසරකට තහනම් වුවා.
Be First to Comment