එක්දින හා විස්සයි විස්ස යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය තවදුරටත් දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා යවා තිබෙනවා.
සිය පවුලේ අය සමඟ ඇමරිකාවට පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ෂෙහාන් ජයසූරිය ජාතික ක්‍රීඩකයෙකු ලෙස සේවය කළ කාලය තුළ තමාට ලබා දුන් අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්තූතිය පුද කර තිබෙනවා.
වාර්තා වන අන්දමට මෑතකදී එක්සත් ජනපද පුරවැසියෙකු සමඟ විවාහ වූ ෂෙහාන් ජයසූරිය ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ.
Be First to Comment