පසුගියදා දකුණු අප්රිකාවේදී ආබාධයන්ට ලක්වූ ක්රීඩකයන් වෙනුවට තවත් ක්රීඩකයන් 5දෙනෙකු ශ්රී ලංකා සංචිතයට එක් කර තිබෙනවා.
එංගලන්ත සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මින් පෙර ක්රීඩකයන් 7දෙනෙක් නිර්දේශ තිබුණා.
කෙසේ වෙතත් ඉන් ක්රීඩකයන් 5දෙනෙක් පමණක් සංචිතයට තෝරාගෙන තිබෙනවා.
ඒ, අනුව මැදපෙල පිතිකරුවන් වන ඇන්ජිලෝ මැතිවුස් හා රොෂේන් සිල්වා , වේගපන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප් , දගපන්දු යවන තුන් ඉරියව් ක්රීඩක රමේෂ් මෙන්ඩිස් හා දගපන්දු යවන ක්රීඩක ලක්ෂාන් සදකැන් මෙලෙසින් ශ්රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බව සඳහන්.
දකුණු අප්රිකානු සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වූ ධනංජය සිල්වා හා කසුන් රාජිත එංගලන්ත තරගාවලියට එක් වන්නේ නැහැ.
නමුත් ආබාධයන්ට ලක්වූ සෙසු ක්රීඩකයන් වන සුරංග ලක්මාල් , දිනේෂ් චන්දිමාල් හා ලහිරු කුමාර එංගලන්ත තරගාවලියට එක්වීමට නියමිතයි.
එමෙන්ම LPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඕෂධ ප්රනාන්දු ද එංගලන්ත තරගාවලියට ක්රීඩා කිරීමට
Be First to Comment