සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ සිඩ්නි නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනය අවසානයේ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම පෙරමුණ ගන්න සමත් වුණා.
සිය දෙවන ඉනිමේ ලකුණු 407 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 02 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.
ඒ අනුව, ඔවුන් තවදුරටත් සිටින්නේ ඕස්ට්‍ර්ලියාවට වඩා ලකුණු 308 ක් පිටුපසින්.
එමෙන්ම සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් විසින් පන්දු රැකීමේ නිරතව සිටි ඉන්දීය ක්‍රීඩකයන්ට වර්ගවාදී වාග් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එවැනි සිදුවීමක් නිසා අද දිනයේදී ද තරගය විනාඩි 10 කට පමණ නතර කෙරුණා.
මේ අතර එම අදාළ පුද්ගලයන් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැණුනා.
Be First to Comment