ලබන 14 වනදා ආරම්භ වන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.
ඒ වෙනුවෙන් 5දෙනෙකුගෙන් සමන්විත විස්තර විචාරක මඩුල්ලක් එක්වීමට නියමිතයි.
ඊට දේශීය විචාරකයන් දෙදෙනෙකු හා විදෙස් විචාරකයන් තිදෙනෙකු සම්බන්ධ වීමට සූදානම්.
ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනල්ඩ් හා රොෂාන් අබේසිංහ දේශීය විචාරකයන් වශයෙන් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සදහා එක්වීමට නියමිතයි.
එමෙන්ම එංගලන්තය නියෝජනය කරමින් මාක් බුචර් හා ඔවේයිස් ශාහ් විස්තර විචාරක කටයුතු වෙනුවෙන් එක්වෙනවා.
නවසීලන්ත හිටපු ක්‍රීඩක සයිමන් ඩෝල්ගේ නමද විචාරක මඩුල්ලට ඇතුළත්.
ඔවේයිස් ශාහ් LPL තරගාවලියේ Dambulla Vikings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කළා.
විස්තර විචාරක මඩුල්ල
- රසල් ආනල්ඩ්
- රොෂාන් අබේසිංහ
- මාක් බුචර්
- ඔවේයිස් ශාහ්
- සයිමන් ඩෝල්
Be First to Comment