ICCයේ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එහි පෙරමුණ ගෙන ගත්තේ නවසීලන්ත නායක කේන් විලියම්සන්.
පසුගියදා එහි දෙවන ස්ථනයේ විරාට් කෝලි රැඳී සිටි අතර මේ වන විට ඔහු 3 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පමණක් ඔහුට ක්‍රීඩා කිරීමට සිදු වීම හේතුවෙන්.
මෙහිදී දෙවන ස්ථනය ලබාගෙන ඇත්තේ ස්ටීවන් ස්මිත්ටයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් එම ලැයිස්තුවෙහි ඉහලම ස්ථානය හිමිවී ඇත්තේ නායක දිමුත් කරුණාරත්නටයි.
ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතරෙහි 15වන ස්ථානයෙහි සහ ඇන්ජිලෝ මැතිවුස් එම ලයිස්තුවෙහි 20වන ස්ථානයෙහි රැදීසිටිනවා.
Be First to Comment