අවසන් කණ්ඩායම තේරීමේදී පුහුණුකරු සතු බලතල සීමා කිරීමට පාකිස්තාන ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන දකුණු අප්රිකානු තරග සංචාරයේ සිට පාකිස්තාන ප්රධාන පුහුණුකරු මිස්බා උල් හක්ට පැවරී තිබූ එම බලතල සීමා කරනු ලබනවා.
මෙම තීරණය කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුව තරගාවලියේ සිදුවූ අඩුපාඩු සමාලෝචනය වෙනුවෙන් පැවති සාකච්ඡාවේදීයි.
මෙහදී සෙසු තේරීම් කමිටු සාමාජිකයන්ගේ අදහස් අනුව කණ්ඩායම තෝරාගැනීමේ බලතල නායක බාබර් අසාම්ට පැවරෙනවා.
එමෙන්ම පාකිස්තාන ක්රිකට් ආයතන ආරංචිමාර්ගවලට අනුව වසීම් අක්රම් , උමාර් ගුල් හා උරෝජ් මුම්ටාස් එක්ව මිස්බාගේ බලතල කප්පාදු කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
Be First to Comment