ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
කලක් තිස්සේ අසාර්ථක වන කුසල් මෙන්ඩිස් මේ තරඟයේද ප්‍රථම ඉනිමේදී ලකුණු 0 කට දැවී යාම විශේෂත්වයක්. ඒ අනුව ඔහු එක දිගට ටෙස්ට් ඉනිම් හතරකදීම ලකුණු 0 කට දැවී ගොස් තිබෙනවා.
මෙම තරඟයේ දෙවෙනි ඉනිමේදීද කුසල් මෙන්ඩිස් යම් හෙයකින් ලකුණු නොලබා දැවී ගියහොත් ලකුණු නොලබා එක දිගට වැඩිම ඉනිම ප්‍රමාණයක් දැවී ගිය ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට ඔහුට සිදුවෙනවා.
එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ සිටින ආර්.ජී හෝලන්ඩ් මීට පෙර ඉනිම 5 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.
Be First to Comment