ශී‍්‍ර ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පළමු ඉනිමේදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා.
ඒ එංගලන්තට එරෙහිව පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සිය පළමු ඉනිම සඳහා ලකුණු 135 ක් රැස් කරමින්.
කුසල් මෙන්ඩිස් අද තරගයේදී වාර්තා පොත් අතරට එක් වුණේ පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය 3 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්.
මීට පෙර ගයි ද අල්විස් සහ නුවන් ප්‍රදීප් මෙලෙස පිට පිට ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.
එමෙන්ම මුල්පෙළ පිතිකරුවන් අතරින් පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය සිව්වන කී‍්‍රඩකයා ලෙසද කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට ගියා.
අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 27 ක් රැස් කළා.
මැතිව්ස් අද තරගයේදී ටෙස්ට් ලකුණු 6000 සීමාව පසු කළ අතර ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ 5 වන ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසයි.
එමෙන්ම දිනේෂ් චන්දිමාල්ද අද තරගයේදී ටෙස්ට් ලකුණු 4,000 සීමාව පසු කිරීමද විශේෂත්වයක්.
අනතුරුව සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමා වනවිට කඩුළු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා.
ලසිත් ඇඹුල්දෙණිය විසින් සාක් ක්‍රවුලි ලකුණු 9 කටත් දොම් සිබ්ලි ලකුණු 4 කටත් දවාගනු ලැබුවා.
ශ්‍රී ලංකා පළමු ඉනීම – 135-10 ( 46.1)
දිනේෂ් චන්දිමාල් 28(71), ඇන්ජිලෝ මැතිවුස් 27(54)
ඩොම් බෙස් 5/30, ජැක් ලීච් 3/20
එංගලන්ත පළමු ඉනීම – 127-2 (41.0)
ජෝ රූට්* 66(115), ජොනී බෙයාස්ටෝ* 47(91)
ලසිත් ඇඹුල්දෙණිය 2/55
Be First to Comment