තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත ක්රිකට් කණ්ඩායම නවාතැන් ගත් ගාල්ල ප්රදේශයේ පිහිටි හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
අද (15) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කොවිඩ් ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල, නෙළුව නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට පියවරගත් බව නෙළුව ප්රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී සුනිල් මහතා පැවසුවා.
Be First to Comment