ශ්රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අද පැවැත්වුණු අතර ඊට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරන එංගලන්තය කඩුලු 4 ක් දැවි ලකුණු 320 ක් රැස් කරගෙන සිටියා.
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන තරගය ආරම්භ වූයේද පැයක පමණ ප්රමාදයකින් පසුවයි.
අද දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 2 ක් දැවි ලකුණු 127 ක් රැස් කරගෙන සිටියේ ය.
ලසිත් ඇඹුල්දෙනිය විසින් දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 47ක් රැස් කරගෙන සිටි ජොනී බෙයාස්ටෝව දවගනු ලැබුවා.
කෙසේ වෙතත් සිව්වන කඩුල්ල වෙනුවෙන් නායක ජෝ රූට් සමඟ එක්වු සිය මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කරන ඩෑන් ලෝරන්ස් විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවේ ශ්රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමින්.
ජෝ රූට් සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 18වන ශතකය රැස් කළා.
ශ්රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ එංගලන්ත පිලේ සිව්වන කඩුලේ සබඳතාව අවසන් කිරීමට ඩිල්රුවන් පෙරේරා සමත් වුණා.
ඒ ලකුණු 73ක් රැස් කරගෙන සිටි ඩෑන් ලෝරන්ස් දවා ගනිමින්.
Be First to Comment