කොරෝනා ආසාදිතව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී සුවය ලබා තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ එක්වුණා.
මේ වනවිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අතරතුරදී ඔහු ක්‍රීඩා විවේකාගාරයේ සිටින බවයි වාර්තා වන්නේ.
එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පසුගිය 4වනදා සිදු කළ PCR පරීක්ෂණයක් අනුව මොයින් අලී කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනාගැනුණා.
ඔහුට ආසාදිත වී තිබුණේ මේ වනවිට එංගලන්තයේ පැතිරයන කොරෝනා වෛරස ප්‍රභේදයෙන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා.
Be First to Comment