Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව තවමත් එංගලන්තයට වඩා ලකුණු 130ක් පිටුපසින්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද පැවැත්වුණා.

අද දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් ලබා ගත් අතර ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටිනවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 15කට දැවී ගියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වූ අතර එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421ක් රැස් කළා.

ඒ, නායක ජෝ රූට් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළේ ලකුණු 228ක් ලබා ගනිමින්.

තවදුරටත් ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා 130ක් පිටුපසින්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *