එංගලන්තයේ ක්රිකට් ලෝලියෙකු වන රොබ් ලුවිස් ලෝකයේම ක්රිකට් ලෝලීන් කතා කරන පුද්ගලයෙක් බවට පත්ව තිබෙනවා.
ඒ, ඔහු ගාලු කොටු පවුරේ සිට ශ්රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය නැරඹීමට උත්සාහ කිරීමේදි පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහුට බාධා මතුවීම හේතුවෙන්.
කෙසේ වෙතත් පසුව ඔහුට ගාලු කොටු පවුරේ සිට එංගලන්ත කණ්ඩායමට දිරි ගැන්වීමට අවස්ථාව ලැබුණා.
මෙහි විශේෂත්වය වන්නේ ඔහු මාස 10ක් පුරා මෙරට රැඳී සිටිමින් එංගලන්ත – ශ්රී ලංකා ටෙස්ට් තරගයන් නැරඹීමට අපේක්ෂාවෙන් සිටීමයි.
රොබ් ලුවිස්ට අද එංගලන්ත කණ්ඩායමේ ජයග්රහණයෙන් පසු සුවිශේෂි දුරකතන ඇමතුමක් ලැබුණා.
ඒ, එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ගෙන්.
කොටු පවුර උඩ රැඳි සිට සිය කණ්ඩායම දිරි ගැන්වීම ගැන ජෝ රූට් විසින් රොබ් ලුවිස්ට විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා.
Be First to Comment