එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ක්රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.
දිමුත් කරුණාරත්න ආබාධයට ලක්විම හේතුවෙන් ඊට සහභාගී වන්නේ නැහැ.
එමෙන්ම පසුගිය දකුණු අප්රිකානු සංචාරයේදී හා එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීද කුසල් මෙන්ඩිස්ගේ දුර්වල ක්රීඩා විලාසය නිසා ඔහු ඊළඟ තරගයෙන් ඉවත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔවුන් වෙනුවන්ට ඕෂධ ප්රනාන්දු හෝ රොෂේන් සිල්වා යන ක්රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාව හිමි වන බවයි ක්රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
ඕෂධ ප්රනාන්දු LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වුණා.
මේ හේතුවෙන් ඔහුට දකුණු අප්රිකාවට එරෙහි තරගාවලිය හා එංගලන්ත තරගාවලියේ පළමු තරගය අහිමි වුණා.
කෙසේ වෙතත් ඕෂධ ප්රනාන්දු දෙවන තරගයට ක්රීඩා කරන්නේද යන්න පිළිබදව ශ්රී ලංකා ක්රිකට් ආයතනය තවමත් කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.(Daily Sports)
Be First to Comment