Press "Enter" to skip to content

සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටයන් ගැන ඉසුරු උදාන කියූ කතාව

වත්මන් ක්‍රීඩකයන් අතුරින් සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටතම පිතිකරුවා විරාට් කෝලි බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පවසනවා.

“මම හිතන විදියට සීමිත පන්දුවාර පිටියේ විශිෂ්ටතම පිතිකරු විරාට් කෝලි. පන්දු යවන්නා මිචෙල් ස්ටාක්. තුන් ඉරියව් ක්‍රීඩකයා රවීන්ද්‍ර ජඩේජා.”

ඉසුරු උදාන මෙවර අබුඩාබි T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. ජනවාරි මස 28වනදා ක්‍රිස් ගේල් නියෝජනය කරන Abu Dhabi Cricket කණ්ඩායමට එරෙහිව ඉසුරු උදාන පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ඉසුරු උදාන පැවසුවේ මෙලෙසින්,

” ක්‍රිස් ගේල්ට එරෙහිව පන්දු යවන විටදී සැලසුම් හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි. මම ඔහුට එරෙහිව පන්දු යවන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා. මට ඒවා හොඳින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. අපට හොද කණ්ඩායමක් ඉන්නවා. ඇන්ඩ්‍ර ෆ්ලෙචර් සමගින් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහු බිග්බෑෂ් තරගාවලියේ හොදින් දස්කම් දක්වනවා මම දුටුවා. අනික් කණ්ඩායම් වලත් හොද ක්‍රීඩකයො ඉන්නවා. මෙය හැමෝටම හොඳ තරගාවලියක් බවට පත් වෙයි.” (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *