Press "Enter" to skip to content

ඕස්ට්‍රේලියාවට එරෙහිව සටන් කළ ඉන්දියාවට සුපිරි ජයක්

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩා පිටියේ පැවති සිව් වැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 328ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම 5 වන දිනයේ තරඟය නිම වීමට සුළු වේලාවක් තිබියදී ජයග්‍රහණය හිමි කරගත්තා.

ශුබ්මාන් ගිල් ලකුණු 91යි.

චේටෙශ්වාර් පුජාරා 56යි.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන ගිය රිශ්බා පාන්ට් නොදැවී 89යි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 369ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 336යි.

මෙහිදී මොහොමඩ් ශිරාජ් ගේ සුපිරි පන්දුයැවීම ඉදිරියේ ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා රැස් කළේ ලකුණු 294ක් පමණයි.

මෙම ජයත් සමඟ තරඟ 4න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.  (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *