ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ පසුගිය සෙනසුරද පැවති Dambulla Viiking සහ Kandy Tuskers අතර තරගයේ දී Dambulla Viiking ආරම්භක පිතිකරු ඕෂද ප්රනාන්දු ආබාධයකට ලක්වුණා.
පසුව සිදු කළ MRI පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට අවම වශයෙන් සතියක පමණ කාලයක් තරගාවලියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවයි.
ඕෂධ ගේ වළලුකර ආශ්රිතව වූ පටක වලට හානි සිදුවී තිබෙන බවට එම MRI පරීක්ෂණයේදී හඳුනාගෙන තිබෙනවා.
මේ අතර LPL තරගාවලියේ සිව්වැනි දිනය අදයි.
Dambulla Viiking සහ Jaffna Stallions අතර තරගය සවස 3.30 පැවැත්වීමට නියමිත අතර Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය රාත්රි 8.00ට ආරම්භ විමට නියමිතයි.




Be First to Comment