Press "Enter" to skip to content

පෘතුගාල සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක් 📹

පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක වාර්තාවක් තබන්නට සමත්ව තිබෙනවා.

ඒ, ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තාකර පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඔහු මේ වනවිට වාර්තාකර ඇති සමස්ත ගෝල් සංඛ්‍යාව 760ක්.

Juventus පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම වාර්තාවට හිමිකම් කීවේ Napoli කණ්ඩායමට එරෙහි Italian Super Cup පාපන්දු තරගාවලියේ අවසන් තරඟයේදීයි.

රොනාල්ඩෝ මෙම වාර්තාව තබන්නේ මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටි ඔස්ට්‍රියානු පාපන්දු ක්‍රීඩක Josef Bican’sගේ වාර්තාව බිඳ හෙළමින්. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *