Press "Enter" to skip to content

මේ වසරේත් ඔලිම්පික් උළෙල කල් යන ලකුණු

මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

ඒ, කොරෝනා අවදානම හේතුවෙන්.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල් දමනු ලැබුවා.

මේ වසරේදීත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති නිසා වසර 2032 දී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ජපානය සූදානම් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොරෝනා බලපෑම තිබුණ නමුත් කෙසේ හෝ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපන් රජය දැඩි ස්ථාවරයක සිටින බවත් සඳහන්. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *