සංචාරක එංගලන්තය සහ ශ්රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගනු ලැබුවා.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 107 හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 19 සමඟ පිටියේ රැඳී සිටිනවා.
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 7 දී කඩුලු දෙකක් දැවී අසීරු තත්ත්වයක සිටින විට තිරිමාන්න (43) මැතිව්ස් සමග හා මැතිව්ස් චන්දිමාල් (52) සමගත් එක්ක ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළා.
මෙහිදී කුසල් පෙරේරා ලකුණු 6කටත් ඕෂධ ප්රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියා.
එමෙන්ම ජේම්ස් ඇන්ඩර්සන් කඩලු තුනක් හා මාක් වුඩ් එක් කඩුල්ලක් දවා ගනු ලැබුවා. (Daily Sports)
Be First to Comment