ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ ඉකුත් 28 වැනිදා පැවැති දඹුල්ල වයිකිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල වයිකිංග්ස් දඟපන්දුයවන ක්රීවක මාලිංද පුෂ්පකුමාරව ශ්රී ලංකා ක්රිකට් දූෂණ විමර්ශන ඒකකය ප්රශ්න කර ඇති බව වාර්තා වනවා.
ඒ ඔහු නිපන්දුවක් යැවීම සම්බන්ධයෙන්.
දඟපන්දු යවන්නන් වෙතින් මෙවැනි පන්දුවාර විස්සයි-20 තරගවලදී නිපන්දු යැවීම සිදුවීම විරල වීමත් එම නිපන්දුව පන්දු යැවීමේදී මාලිංදගේ පාදය නිපන්දු සීමාවෙන් විශාලවශයෙන් පිටතට යාමත් නිසායි.
මාලිංද ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට තෝරාගෙන ඇත්තේ අවසන් මොහොතේ බවත්, ඔහුට මුරිසියේ තරගාවලියක් සඳහාද ආරාධනා ලැබී තිබියදී මේ තරගාවලියට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මාලින්ද පුෂ්පකුමාර යැවූ ආන්දෝලනාත්මක නිපන්දුව පහතින්…
මේ අතර ශ්රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද කසුන් රජිත අද ( 30) තරගයෙන් ඉවත් කිරීමට දඹුල්ල කණ්ඩායම සුදානම් වන බව වාර්තා වනවා.
ඔහුව තරගයට ඉදිරිපත් කිරීමට පුහුණුකරු සහ කළමනාකාරීත්වය අකමැත්ත පළ කර තිබෙනවා.

Be First to Comment