ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට සංචාරක එංගලන්තය අද සමත්වුණා.
ඒ දෙවන තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමත් සමගයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ළකුණු 381 යි.
එංගලන්තය සිය පළමු ඉණිමට ළකුණු 344 ක් රැස් කළා.
ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිමට ලබාගත්තේ ළකුණු 126 ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තය දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 164 ක්.
එය කඩුලු 04 ක් පමණක් දැවී සපුරා ගැනීමට ඔවුන් සමත්වුණා.(Daily Sports)
Be First to Comment