Press "Enter" to skip to content

ටට්යානාගේ පියාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර තනතුර ලබාදීම ගැන හරින් කියූ දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර තනතුර සඳහා ජෙරොම් ජයරත්න මහතා සුදුසු පුද්ගලයෙකු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ ජෙරොම් ජයරත්න රාජපක්ෂ පවුලට සම්බන්ධ වීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙන පසුබිමකයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂ ගේ පියා වන්නේ ජෙරොම් ජයරත්න මහතායි.

මෙවැනි සම්බන්ධයක් තිබියදී වුවද හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටින්නේ ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාර තනතුරට සුදුසු බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.

ක්‍රිකට් ක්‍රීඩකයින් අපහසුතාවයට ලක් නොකොට ඔවුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ජෙරොම් ජයරත්නට ඇති බවයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.

මිට පෙර අවස්ථා රැසකදී ද ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කර තිබෙනවා. (Daily Sports)

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *