Press "Enter" to skip to content

ජපානයේ ඔලිම්පික් අමෙරිකාවට ඉල්ලයි

2021 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ගැන අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් වසරක පමණ කල් දැමීමකින් පසු ලබන ජූලි 23 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතයි.

නමුත් පවතින කොරෝනා වසංගතය හමුවේ ජපානය තුළ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදසු තත්වයක් නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්ත ප්‍රධාන මූල්‍ය නිළධාරීවරයා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැච් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, ඔලිම්පික් තරගාවලිය සිය ප්‍රාන්තය තුළ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලීමක් කරමින්.

කෙසේ වෙතත් ටෝකියෝ නුවරින් තරගාවලිය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ. (Daily Sports)

More from | Other SportsMore posts in | Other Sports »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *