LPL පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ “දඹුල්ල වයිකිං ” කණ්ඩායම සමඟ අද පැවැති තරගය ” ජැෆ්නා ස්ටැලියන්ස් ” කණ්ඩායම ලකුණු 66 කින් ජය ජයගනු ලැබුවා.
කාසියේ වාසිය හිමි කරගත් “දඹුල්ල වයිකිං” ක්‍රිකට් නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218ක්.
ලකුණු 64 ක් තුළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ක් බිඳවැටුණා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගිය අතර මිනෝද භානුක ලකුණු 6 යි.
ධනංජය ද සිල්වා ලකුණු 16 කට දැවීගියා.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 44 කින් නොදැවී ලකුණු 97 ක් රැස් කරමින් බිඳ වැටුණු ඉනිම ශක්තිමත් කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹා ගිය “දඹුල්ල වයිකිං” කණ්ඩායමට පන්දුවාර 19 යි එක් පන්දු අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 152 ක් පමණයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි “දඹුල්ල වයිකිං” කණ්ඩායම පළමු කඩුළු 3 ලකුණු 63 කදී බිඳ වැටුණා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 20 කට දැවී ගිය අතර උපුල් තරංග ලකුණු 15 යි.
සමිත් පටෙල් ලකුණු 41 කට දැවී ගියා.

Be First to Comment