ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසර 05 කට ආසන්න කාලයක් පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩාවිදි ඔහු අමෙරිකාවේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය යනවිට ඔහු 67 හැවිරිදි වියේ පසු වුණා.
හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්රහණයත් සමග ලියොන් ස්පින්ක්ස් ජනප්රිය තරුවක් බවට පත්වුණා.
ඔහු 1976 වර්ෂයේ පැවති ඔලිම්පික් ක්රීඩා තරඟයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ද සමත්වුණා. (Daily Sports)
Be First to Comment