Press "Enter" to skip to content

කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දුවන්න බැරි වුණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්න 📷

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී තිබෙනවා.

එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි.

අදාළ ක්‍රීඩකයින් සිව්දෙනාට ඉදිරි දිනකදී නැවත වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදීයි. එහිදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් ලබා දී තිබෙනවා. එම පරිසාධන මට්ටම ඉහළින්ම පසු කර ඇත්තේ දුෂ්මන්ත චමීරයි.

ආබාධ හේතුවෙන් ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට වී නැහැ.

කුසල් මෙන්ඩිස්ගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනයේ පැවැත්වීම හේතුවෙන් ඔහු ද එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වී නැහැ.

කොවිඩ් ආසාදනය වූ ලහිරු තිරිමාන්නද ඊයේ පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැති බව වැඩිදුරටත් වාර්තා වුණා. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *