ලබන මස 15 වන දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ට අද නොතීසි නිකුත් කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණා.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, ඇතුළු 12 දෙනෙක් විසින්. (Daily Sports)
Be First to Comment