Press "Enter" to skip to content

බංග්ලාදේශයට එරෙහිව කොදෙව්වන්ට පූර්ණ තරඟාවලි ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි තරඟය ලකුණු 17කින් ජය ගන්නට කොදෙව්වන් ඊයේ (14) සමත් වුණා.

මෙම ජයත් සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලියේ ජය කොදෙව්වන්ට හිමි කරගත්තා.

කොදෙව් කණ්ඩායම ආසියානු රටකදී ටෙස්ට් තරඟාවලි ජයක් හිමිකර ගත්තේ 2012 වසරෙන් පසුවයි.

ඩකා ක්‍රීඩාංගණයදී පැවති මෙම තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ඉනිමට ලකුණු 409ක් ලබාගත් අතර බංග්ලාදේශයට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.

කොදෙව් දෙවැනි ඉනිම සියල්ලන් දැවී ලකුණු 117කට සීමා වූ අතර තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 231ක ඉලක්කයක් බංග්ලාදේශයට හිමි විය.

එම ඉලක්කය හඹාගිය සත්කාරක බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 213කට සීමා කරන්නට රකීම් කෝන්වෝල් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී රකීම් කෝන්වෝල් බංග්ලාදේශ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වූ අතර ඔහු බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවා.

ඒ අනුව මෙම තරඟයේ කඩුලු 09ක් බිඳ දමමින් තරඟයේ වීරයා බවට පත්වූයේ ද රකීම් කෝන්වෝල්. (Daily Sports)

More from | CricketMore posts in | Cricket »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *